වැඩිමිලට සහල් විකුණූ 5කට නඩු

දෙසැ 26, 2019

    මාතර දිස්ත්‍රික්කයේ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් හිමියන් පස් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. දස දෙනෙකුට අවවාදාත්මක නිවේදන නිකුත් කිරීමට පියවර ගැනිණ.

    සහල් වර්ග දෙකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ තිබේත

    එම ගැසට් නිවේදනය නොසළකා හැර සහල් වැඩිමිලට අලෙවි කල කිරින්ද ප‍්‍රදේශයේ වෙලෙදුන් දෙදෙනකුට සහ හක්මන එක් අයෙකුටත්, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කල සහ මිල ප‍්‍රදර්ශනය නොකරමින් සහල් අලෙවි කල ව්‍යපාරිකයින් දෙදෙනෙකුටත් එරෙහිව නඩු පවරනු ලැබීය. පාරිභෝගික නීති කඩ කල තවත් 10කට අඩුපාඩු නිවැරදි කර ගැනීමට අවවාද සිදුකල බව විමර්ශණ නිලධාරීන් පැවසීය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 11:29

    Latest News