මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

නීතිඥ හා විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පත්‍රය විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය.

අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පෙබරවාරි 07 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කරයි.

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණ අපහාසයක් සිදුවී තිබේද යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික යුධ හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට හෙට (24) දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

Latest News