අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යධුරයෙහි වැඩ භාරගැනීම අතර, අද (21) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා.

රටේ අධ්‍යාපන පද්ධතිය තුළ විප්ලවීය වෙනසක් ආරම්භ කර ක්‍රියාවට නැංවෙමින් පැවතිය දී මතු වූ නීති විරෝධී දේශපාලන වෙනස්කම් තුළින් දින පනහකට අධික කාලයක් එම කටයුතු අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට නොහැකිවීම කනගාටුවට පත්වන බව අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියි. රටේ දරුවන්ට වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම අරමුණින් ක්‍රියාත්මක කළ, 13 වසරක අධ්‍යාපන වැඩසටහන, සුරක්ෂා රක්ෂණ වැඩසටහන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ඇතුළු සාධනීය සංවර්ධන වැඩසටහන් නැවතත් බලාත්මක කරන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කලේය.

පටු දේශපාලන වාසි මත තමා කිසිවිටෙකත් කටයුතු නොකළ බවත්, පැවති දේශපාලන අස්ථාවරභාවයෙන් වසරක් පාසා නිසි පරිදි දරුවන්ට ලබාදුන් පෙළ පොත්, නිල ඇඳුම් වවුචරපත් ලබාදීම වැනි ක්‍රියාමාර්ග ක්‍රමවත්ව සිදුකිරීමට නොහැකි තත්වයට පත්ව තිබිමත් ඒ ගැන කනගාටු වන බවත්, එවැනි තත්වයන් ඇති වන්නට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කර සිටියේය.

 

Latest News