බුරවි සුළිකුණාටුව දිවයිනෙන් බැහැරව මන්නාරම් බොක්ක වෙරළාසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බුරවි සුළි කුණාටුව මේ වන විට මන්නාරමේ ඉලුප්පායිකඩවායි වෙරළ තීරය ආසන්නයේ ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යමින් පවතියි.

“බුරවී“ සුළි කුණාටුව අද (02) පෙ.ව 11.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 140ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ‍උතුරු අක්ෂිංශ 8.7ත් නැගෙනහිර දේශාංශ 82.5ත් ආසන්නව ස්ථානගතව පවතී.

දිවයිනට බලපවත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇති බුරවි සුළි කුණාටු තත්වය හා ඉන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සම්බන්ධව අදාළ පාර්ශවයන් ඇතුළු සමස්ත මහජනතාව දැනුවත් කිරීමේ සජීව රූපවාහිනී වැඩසටහන් විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව ඊයේ (01) මධ්‍යම රාත්‍රිය වන විට ත්‍රිකුණාමලය කි.මී.330ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News