බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 30 ක සිරදඬුවම් නියම කළේය.

මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මතභේදාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

බාලවයස්කාර දැරියක දූෂණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියෝග කළේය.

රුපියල් 10,000 ක අල්ලසක් ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් අද නියම කළේය.

හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කර තිබෙන නඩුව නැවත මාර්තු මස 10 වැනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ.

බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි දැඩි ඇප කොන්දේසි මත මුදා හැරේ.

මෙම රජයට 2020 වසරේ දී ගෙවීමට ඇති ණය පොලිය හා ණය වාරිකය ලබන වසරේ ජාතික ආදායමටත් වඩා ඉහළ වුවත්, මහජනතාවට පිරිනමන  සුභ සාධන සේවා කිසිවක් කපා නොහරින බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව නාරාහේන්පිට ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

Latest News