හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියම කළේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඇප ලබා දීම පිළිබඳ නියෝගය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (24) දැනුම්දීමට නියමිතයි.

රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කරයි.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

ඉකුත් රජය සමයේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා ෆ්‍රැන්සිස් මහත්මිය දෙවැනි දිනටත් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය වෙත අද යොමු කෙරිණ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේ දී එම කොමිසමේ කොමසාරිස්වරු විසින් ඊට අදාළ ලිඛිත අනුමැතියක් ලබා දී තිබේද? යන්න පරීක්ෂා කිරීම සඳහා ජනවාරි මස 20 වැනිදා විමසීමක් සිදු කරන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Latest News