පරිගණක දත්ත සොරකම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 03 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. 

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරිණ.

රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව අගෝස්තු මස 8 වැනිදා යළි කැඳවන ලෙස අද කොළඹ මහාධිකරණය නියම කළේය.

අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයක් පදවා බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ මරණය සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නවිදු උමේෂ් රත්නායක නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම තාවකාලික ලෙස අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම නඩුවේ සාක්ෂි විමසීම කල් දමන බවත් ඒ අනුව නඩුව අගෝස්තු මස 30 වැනිදා යළි කැඳවන ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය එච්.කේ.මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 09 වනදා සිට විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මාවනැල්ල බුදුපිලිමවලට හානි කිරීමේ සිද්ධියේ සැකකාරිය හා සැකකරුවන් 14 දෙනා අගෝස්තු 08 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල අධිකරණය අද නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දූන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 01වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ තවදුරටත් ගස් කපා වනාන්තර හෙළි කිරීමට ඉඩ නොදෙන බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

කුරුණෑගල රජයේ රෝහලේ වෛද්‍ය සාෆි සිහාබ්දීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව නිසි පරිදි වගඋත්තරකරුවන් වෙත නොතීසි ලැබී නොමැති හෙයින් එම පෙත්සම සලකා බැලීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Latest News