පසුගිය ජනවාරි දෙවැනි දින හා ඊට ආසන්න දිනවල දී මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පිහිටි බුදු පිළිමවලට කිසියම් පිරිසක් විසින් හානිකර තිබිණ. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය බුද්ධි සේවය මාවනැල්ල පොලීසිය එක්ව සිදුකළ විමර්ශනවල දී අත්අඩංගුවට ගත් මෙම 14 දෙනා පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
තවත් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවයි, වාර්තා වන්නේ.