පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද යළි සලකා බැලීම ආරම්භ කෙරිණ.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් යොමු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළේය.
රුපියල් මිලියන 53 ක් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුව ඔක්තෝබර් 4 වනදා යළි කැඳවන ලෙස නියෝග කෙරේ.
හිටපු දුම්රිය සාමාන්‍යධිකාරි වරයකු වන පී. පී. විජේසේකර සහ හිටපු දුම්රිය වාණිජ අධිකාරිවරයකු වූ විජය සමරසිංහ යන මහත්වරුන්ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද(29) නියෝග කර තිබේ.
එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කිරීමට අදාළ නඩුවේ තුන්වන විත්තිකරු පොලිසියට ලබාදී ඇති පාපොච්චාරණය ඔහු විසින් ස්වෙච්ඡාවෙන්ම ලබාදී ඇති එකක් යැයි කොළඹ මහාධිකරණය අද(29) තීන්දු කර තිබේ.
කුලියාපිටිය මුලික රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍ය ආර්.එම්. තෙන්නකෝන්වෙල මහතා රුපියල් 75000/- ක අල්ලසක් ලබා ගැනිමේ නඩුවේ විභාගය ඔක්තෝබර් 10 වනදා ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළේය.
ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රි ලංකන් කේටරින් හා මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමේ ජනපති කොමිසම් වාර්තාව නීතිපතිට යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියක් නොමැතිව මූල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 29 වන දා යළි කැඳවේ.
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි විනාශ කළ බවට චෝදනා එල්ල වී සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.