කැබිනට් නොවන අමාත්‍යවරු 03 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

 

කැබිනට් නොවන අමාත්‍යවරු

 01) හර්ෂ ද සිල්වා                       - පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය

 02) අජිත් පී. පෙරේරා                - ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ කැබිනට් නොවන අමාත්‍ය

 03) සුජීව සේනසිංහ                  - විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය

 රාජ්‍ය අමාත්‍යවරු

 

01) රන්ජන් රාමනායක             - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

02)  විජයකලා මහේෂ්වරන්      - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

03) ජේ.සී. අලවතුවල                - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

04) ඉරාන් වික්‍රමරත්න              - මුදල් රාජ්‍ය අමාත්‍ය

05) රංජිත් අලුවිහාරේ               - සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

06) වසන්ත අලුවිහාරේ, අමීර් අලී  - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

07) ලකී ජයවර්ධන                  - නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය

08) නිරෝෂන් පෙරේරා           - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

09) රුවන් විජේවර්ධන            - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

10) චම්පිකා ප්‍රේමදාස             - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය

11) අශෝක අබේසිංහ            - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය

12) ෆයිසාල් කාසීම්                 - සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

13) එච්.එම්.එම්. හාරිස්          - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

14) දිලිප් වෙදආරච්චි              - ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

15) ඒ.ඉසෙඩ්.එස්.සෙයිඩ්       - සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය

16) වඩිවෙල් සුරේෂ්                - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

 නියෝජ්‍ය අමාත්‍යවරු

01) අනෝමා ගමගේ              - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

02) එඩ්වඩ් ගුණසේකර         - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

03) නලින් බණ්ඩාර                - සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය

04) අජිත් මාන්නප්පෙරුම     - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

05) කරුණාරත්න පරණවිතාන - නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය

06) බුද්ධික පතිරණ               - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

07) පාලිත තෙවරප්පෙරුම   - සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය

 

ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

Latest News