මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තද වැසි අද හැලීම නිසා ස්ථාන කිහිපයකම පස් කදු සහ ගස් කඩා වැටිමෙන් ගමනා ගමනයට බාධා ඇතිව තිබේ.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ. ගිල බැසීම හේතුවෙන් වාහන ගමනා ගමන කටයුතු එක් මං තිරුවකට සිමා කර ඇති බව වටවල පොලිසිය පැවසයි.
වටවලට අද (08) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග වටවල පොලිසිය අසල පිහිටි බොක්කුවකුට ආසන්න කොටසක් මෙසේ ගිල බැස ඇත.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට අද (17) පස්වරුවේ අධික වර්ෂාවක් පැවති බව අප වාර්තාකරු පවසයි.