බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

 
බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා විසින් අද ලිඛිතව සිය විරෝධය කොළඹ මහාධිකරණය හමුවේ භාරදුන්නා.
ඉකුත් වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන ඔක්තෝබර් මස 21දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයක නිරත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් මීට සුළු මොහොතකට පෙර කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ට එරෙහි නඩු විභාගය, මැයි 23 ආරම්භ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. 

2015 වසරේ කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළදසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 23 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළා.

තරුණයෙකු පැහැරගෙන, සිරකරගෙන සිටි බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නඩුව අප්‍රේල් 24 දක්වා කල් යයි.

Latest News