රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (HHIMS) යටතේ රෝගීන් ලක්ෂ අනූ පහක් ලියාපදිංචි වෙයි.

රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබා දීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System) මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

මෙම පද්ධතිය ඔස්සේ රෝගීන් මිලියන නමය හමාරකට අධික පිරිසක් ලියාපදිංචි වී සිටින අතර රෝගීන්ගේ ඉලෙක්ට්‍රොනික වෛද්‍ය වාර්තා මිලියනවිසි තුනක් පවත්වාගෙන යනු ලබන බව ශ්‍රී ලංකා තොරතුරු හා
සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

රෝගීන් ලියාපදිංචි කිරීම, පරීක්ෂා කිරීම, ඖෂධ ඇනවුම් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ ආදී සේවාවන් රැසක් මෙම පද්ධතිය මඟින් බල ගන්වා ඇත.

රෝහල වෙත රෝගියෙකු පැමිණීමෙන් පසු මෙම පද්ධතිය ඔස්සේ රෝගියා ලියාපදිංචි කෙරෙන අතර ඔහුට ම අනන්‍යඅංකයක් සහ කේතයක් (Barcode) හිමි වේ. රෝග විස්තර, ලබා ගත් ප්‍රතිකාර, අදාළ සෞඛ්‍ය වාර්තා, නියම කරන ලද ඖෂධ ඇතුළු සියලු විස්තර ඊට අයත් වේ. නැවත වරක් එම
පුද්ගලයා රෝහල වෙත පැමිණි විට පහසුවෙන් ප්‍රතිකාර ලබා දීමට ද මේ හරහා හැකි වේ.

තව ද මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ විශේෂයෙන්ම රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමේ මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීමට හැකි වී තිබෙන අතර බාහිර රෝගීන් කළමනාකරණය, නේවාසික රෝගීන් කළමනාකරණය, ඖෂධ තොග කළමනාකරණය, සායන කළමනාකරණය මෙන් ම
රෝගීන්ගේ සෞඛ්‍ය දත්ත වාර්තා පවත්වාගෙන යෑම ද පහසු වී ඇත.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සවිබල ගැන්වීමට මෙන් ම රෝගී සත්කාරක සේවාවන් ගැන ඉතා නිවැරැදි තීන්දු තීරණ ගැනීමට ද මෙමඟින් හැකි වී තිබෙන අතර කඩදාසි මත පදනම් ව පවත්වාගෙන ගිය සෞඛ්‍ය වාර්තා මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ අවම වීම
නිසා පරිසර හිතකාමී සෞඛ්‍ය සේවාවකට මඟ පෑදී තිබේ.

රෝහලක සිට තවත් රෝහලකට රෝගියෙක් මාරු කර යැවීමේ දී එම රෝගියාට අදාළ සියලු විස්තර ද මෙම පද්ධතිය හරහා එම රෝහල වෙත ලබා දීමේ පහසුකම ද ඉදිරියේ දී ලබා දීමට නියමිතව තිබේ.

රජය මඟින් ජනතාවට ලබා දෙන සේවාවන් මෙසේ ඩිජිටල්කරණය කිරීමෙන් ඩිජිටල් ශ්‍රී ලංකාවක් කරා යන ගමන්මඟ තවත් අර්ථවත් කිරීමට හැකි වී තිබෙන බව ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙරට ව්‍යවසායකත්වය නඟා සිටුවීම වෙනුවෙන් ICTA ජාත්‍යන්තරයේ ඇගයීමට.ගෝලීය ව්‍යවසායකත්ව ජාලය (GEN) මඟින් සංවිධාන කළ GEN Compass Awards 2023 හි අවසන් වටය සඳහා තේරී පත් වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමත් වෙයි.

බස්නාහිර පළාතේ වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත හා කෙටි පණිවුඩ මගින් සිදුකළ හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

කෘෂි කර්මාන්තයේ වර්ධනය සදහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතය වැඩි දියුණු කිරීම ට කෘෂි නිපැයුම් තාක්ෂණික වේදිකාවක් බිහිකිරීමේ  ක්‍රි යාකාරි වැඩපිළිවලක් ආරම්භ කෙරේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කරයි. 

සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ( I.C.T.A.) ආරම්භ කොට තිබූ ˝ ඉ- විශ්‍රමවැටුප් ˝ නම් ව්‍යපෘතිය සඳහා රුපියල් මිලියන 278.54 ක් වියදම් කොට තිබුණද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යපෘතියක් බව කොප් කමිටුවේදී ඊයේ ( 08 ) අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණ අංශයේ නව ව්‍යවසයයකත්ව වර්ධනය හා ඉඩප්‍රස්ථා පිළිබඳවThe 2020 Global Startup Ecosystem Report (GSER) වාර්තාවේ ඉහළ ඇගයීමකට ලක්ව තිබේ.

Latest News