2023 මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් ඇතැයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරනවා.
ගෝලීය වසංගතය සමග කොරියාවේ රැකියා සඳහා අළුතින් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම 2020 පෙබරවාරි මාසයේ සිට තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, වසර දෙකකට ආසන්නවීමත් සමග යළිත් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම ආරම්භ කොට තිබේ.
2019 වර්ෂයට අදාළව ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මත පවත්වනු ලැබූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අවසන් ප්‍රතිඵල අද(22) නිකුත් කර තිබේ.
නීත්‍යානුකූල නොවන අයුරින් දකුණු කොරියාවේ රැදි සිටින ශ්‍රමිකයින් සදහා ස්වෙච්ඡාවෙන් එරටින් පිටවීම සදහා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. 2018 ඔක්තෝම්බර් මස 01 දින සිට 2019 මාර්තු මස 31 දක්වා එම පොදු සමාකාලය වලංගු වේ.