ඉඩම් ඔප්පු අහිමි සෑම පුද්ගලයෙකුටම කඩිනමින් ඔප්පු ලබා දීමට පියවර ගන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට උපදෙස් ලබාදී තිබේ. ඒ අනූව දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉඩම් ජංගම සේවා පැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ මහතා පවසයි.