2020 පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා අද (09) අභිනව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.

ජයග්‍රහණය මුළු රටේම විජයග්‍රහණයක් බවට පත් කිරීම තම පක්‍ෂයේ අධිෂ්ඨානය බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව විශ්වාසය තබමින්‌ අතිවිශිෂ්ට ජයග්‍රහණයක්‌ කරා තම පක්ෂය ගෙන ගිය ජනතාවට සිය ප්‍රමාණය පුද කරන බව, අග්‍රාමාන්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විරුද්ධ පක්ෂ නායකයන් සහ තවත් අපේක්ෂකයන් කිහිපදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය.

යහපාලන රජය සමයේ වංචා දූෂණ මේ වනවිට හෙළි වෙමින් පවතින බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දිරිදීමනාව හැකි ඉක්මනින් ලබාදීමට පියවර ගන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

පාතාලය සහ මත්කුඩු ජාවාරම මර්දනය කිරීමේ රට රැක ගැනීමේ ක්‍රියාදාමයට එක්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ක්‍ෂණික තීරණ ගෙන රට කඩිනමින් ගොඩනැංවිය හැකි නායකත්වයක් රටට ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඉකුත් එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ කිසිදු සංවර්ධන ක්‍රියාදාමයක් සිදු නොවූ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Latest News