තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් නිෂ්ප්‍රභ කර තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් ජූලි මස 8 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

අල්ලස් පනත යටතේ චෝදනා ලබා සිටින ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය තාවකාලිකව ලබන මස 25 වනදා දක්වා ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

Latest News