දිවයින පුරා ඇණහිට තිබූ විදුලි සැපයුම ඊයේ රාත්‍රී 10.00 වන විට මුළුමනින්ම යථා තත්වයට පත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කෙරවලපිටිය ග්‍රීඩ් උපපොළේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් ඊයේ දහවල් විදුලිය බිඳ වැටීම සිදුවිය.

කටුනායක ගුවන් තොටුපොලේ විදුලිය බිද වැටීමක් සිදුව තිබේ.

රට පුරා විදුලි කප්පාදුව අදින් පසු අවසන් කරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. දැනට පවතින විදුලිබල අර්බුදයට අදියර 3ක් යටතේ නිසි විසඳුම් සැපයීමට විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබේ.

ඉදිරියේදී විදුලිය කප්පාදු කිරීමට අදහස් නොකරන බවත් විදුලිය ඉතිරි කැර ගැනීමට සහයෝගය දෙන ලෙසත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා ලක්ෂ 65ක් වන විදුලි පරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

Latest News