ශ්‍රී ලාංකික නාමය යටතේ කක්ෂගත කළ රාවණා 1 චන්ද්‍රිකාවේ නිෂ්පාදන කණ්ඩායමේ සමාජිකාවක් වන දුලානි චාමිකා විතානගේ වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් පසුගිය දා සංවිධානය කෙරිණ.

ශ්‍රී ලාංකික තරුණ ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද රාවණා 1 චන්ද්‍රිකාව මගින් ඉදිරියේදී ලෝකයේ සෙසු රටවල ද ඡායාරූප ගැනීමට සැලසුම් කර ඇතැයි එහි සම නිර්මාතෘ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ පැවසීයිය.

Update : "රාවණ 1" ශ්‍රී ලාංකික විද්‍යාඥයින් නිර්මාණය කළ ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් අද (17) ප.ව. 3:45ට පමණ සාර්ථකව සිදු කෙරිණ.

Latest News