නායයාමේ අවධානමක් හේතුවෙන් වලපනේ - මහනුවර ප්‍රධාන මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පවසයි.

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල ගල් පර්වතයක් පෙරලිමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිටි විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

පුත්තලම - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 38 කණුව පාලම අද (11) උදෑසන ගිලාබැසීමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.

බැකෝ යන්ත්‍රයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරලි යාමෙන් හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය (05) දින දහවල් සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව පින්නවල පොලිසිය පැවසිය.

72 වැනි ජාතික නිදහස් දිනය අභිමානවත් හා චාම් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ගාලුමුවදොර මාර්ගය, කොටුව - ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබේ.

වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත අඹතලේ මාර්ගය අද (04) රාත්‍රී 10.00 සිට හෙට (05) උදෑසන 05.00 දක්වා වසා තබන බව මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

නාවලපිටිය, සමනළගම හරහා ඉගුරුඔයට පිවිසෙන ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමේ වැඩ කටයුතු ආරම්භ කර එම සංවර්ධන කටයුතු මේ වන විට අතරමග නතර කර තිබේ.

ප්‍රදේශයට පැවැති අධික වර්ෂාවත් සමග කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අලුත්නුවර, හල්ගහවෙල ප්‍රදේශයෙන් ස්ථාන දෙකක් ගිලා බැසිමට ලක්ව තිබේ.

හෙට පෙ.ව 06.00 සිට කැළණි පාලම අබියස මහනුවර සිට කොළඹට රථවාහන ඇතුළුවන මංතීරු දෙකෙන් එකක් තාවකාලිකව සීමාකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

Latest News