ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් රඳවා සිටි බව කියන වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ වයි වාට්ටුවේ තිබී ජංගම දුරකතන හා සිම්කාඩ් 5 ක් සොයාගෙන තිබේ.

තානාපති කාර්යාලයේ සේවිකාව සම්බන්ධ සිද්ධිය පොදු හා ඵලදායි ක්‍රමවේදයකින් විසඳා ගැනීමට තමන් සූදානම් බව, ස්විට්සර්ලන්ත රජය පවසයි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ සිද්ධිය එම කාන්තාවගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ද එසේ නොමැතිනම් ඒ පිටුපස කිසියම් පුද්ගලයෙකු සිටිනවාද යන්න, අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ට පැනවු විදෙස් ගමන් තහනම ලබන 17 වනදා තෙක් දීර්ඝ කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැර ගත්තේ යැයි කියන සිද්ධිය ජනාධිපතිතුමා සහ රජය අපහසුතාවට පත් කිරීම සඳහා නිර්මාණය කළ එකක් බව, මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවසූහ.

ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරන බවත්, එය ජාත්‍යන්තරව බලවත් අප්‍රසාදයක් රට කෙරෙහි ඇති කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කියා සිටි.

Latest News