දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDPT) ජාතික සංවිධායක උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (16) පෙරවරුවේ පැවැත්විණි.

මෙම හමුව සඳහා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂමයේ උතුරු හා නැගෙනහිර පාලාත් පාලන ආයතනවල නියෝජිතයින් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක් වුහ.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට වර්ධරාජා පෙරුමාල් මහතා කැමැත්ත පල කර තිබේ.

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් පිහිටවු උතුරු නැගෙනහිර පාලත් සභාවේ ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා වන්නේ වර්ධරාජා පෙරුමාල් මහතායි. ප්‍රධාන අමාත්‍යවරයා විමෙන් පසු ඔහු උතුරු නැගෙනහිර වෙනම ඊලාම් රජයක් ප්‍රකාශයට පත් කළේය. වෙනම ඊළාම් රජයක් ප්‍රකාශයට පත් කිරිමෙන් පසු ආරක්ෂක හමුදාව සහ ඔහුගේ සන්නද්ධ කණ්ඩායම් අතර වු ගැටුම් වලින් ආරක්ෂක හමුදා සැබලුන් විශාල පිරිසක් දිවිපිදුහ. ආරක්ෂ අංශ වෙතින් බේරි සිටිමට නොහැකිව ඉන්දියාවට පලායමෙන් පසු වසර ගණනාවක් ඉන්දියාවේ දේශපාලන රැකවරණ යටතේ ජිවත්විය. මේ වන විට ඔහු ලංකාවට පැමිණ යාපනයේ දේශපාලන කටයුතුවලට එක්ව සිටි.

Latest News