'කොවිඩ්-19' වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා රජය දරන ප්රයත්නය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව, දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෞඛ්‍ය අංශය වෙත වෛද්‍ය ඔක්සිජන් සිලින්ඩර 85ක් පරිත්‍යාග කළේය. තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයන ලද වෛද්‍ය ආධාර සහිත සිව්වැනි ගුවන් භාණ්ඩ තොගය මෙය විය.
කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන තවදුරටත් ශක්තිමත් කරමින්, දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලීටර් 50 බැගින් ධාරිතාවයෙන් යුත් වෛද්‍ය ඔක්සිජන් සිලින්ඩර 100ක තෙවැනි තොගය ශ්‍රී ලංකා රජය වෙත ගුවනින් එවීම සඳහා පහසුකම් සැපයීය.