රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එක්සත් ජනපදයෙන් ආධාර ඉල්ලා ඇති බව, වාර්තා වෙයි.

තම රට තුළ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 15ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූයේ, පරීක්ෂණවල සාර්ථකත්වය නිසා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වූ ආර්ථික අවපාතය 2021 වසර අවසාන වනතෙක් පවතින ඇති බවට එරට රාජ්‍ය භාණ්ඩාගාර ප්‍රධානියා අනතුරු අඟවයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව තවදුරටත් වැඩිම බලපෑමට ලක්ව ඇති රට අමෙරිකාවයි. ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,715ක්.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ ඉහළතම නිලධාරියා හා විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුචි ලබා දෙන උපදෙස් පිළිගත නොහැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව අද (08) අළුයම වන විට 12,92,623ක සීමාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලොව වැඩිම බලපෑමට ලක්ව ඇති අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව හැට එක් දහස ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය, හඳුනා නොගත් යානාවල දර්ශන නිල වශයෙන් එළි දක්වා තිබේ.

ඉකුත් පැය විසිහතර තුළ අමෙරිකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදිත පිරිස 936616ක් බව අද (26) දත්ත ඉදිරිපත් කරමින් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Latest News