ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කරමින් ගොවි ජනතාව සහ පාරිභෝගික ප්‍රජාව යන අංශ දෙකටම සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කරන එළවළු පලතුරු මෙන්ම සහල් ඇතුලු සෙසු ආහාර ද්‍රව්‍ය දුම්රිය මගින් ප්‍රවාහණය සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට ඊයේ (14) උපදෙස් දෙනු ලැබීය.

ගොවින්ගෙන් එළවළු හා පලතුරු මිලදි ගැනීමේ වැඩසටනේ දෙවන අදියර අද (15) ආරම්භ වෙයි.මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වූ ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත්වීමෙන්.

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල,දඹුල්ල,යටවත්ත ආදී ප්‍රදේශවල වැටකොළු,කරවිල සහ බෝංචි වගාවන් වලට දිලීර රෝගයක් වැළඳීම හේතුවෙන් අස්වැන්න විශාල වශයෙන් අඩුවී තිබේ.

Latest News