නඩු කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් පිරිසක් එහි වහළය මත නැගී විරෝධතාවක නිරත වන බව වාර්තා වෙයි.

වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් 141 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණවලින් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක් ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් කොවිඩ් 19 ආසාදිතයෙක් වශයෙන් තවහුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ගිනි අවියක්,උණ්ඩ 12ක්,මැගසිනයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයෙකු වෙඩි තබා ඝාතනට අනුබල දුන් අත්අඩංගුවට ගත් සැකකරු අද දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා අම්බලන්ගොඩ - කුලීගොඩ මංසන්ධියේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්තව වෛද්‍යවරයෙකු මත්පැන් කාලේ බෝතල් දෙකක් සිරකරුවෙකුට ලබාදීමට යාමේදි අල්ලා ගැනීමට අද (24) බන්ධනාගාර නිලධාරීන්ට හැකිවේ.

Latest News