කොරෝනා වෛයිරස‍යේ ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්වි විදේශ රටවල රැකියාවන්හී නිරතව සිටින විගමණික ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් මත වියළි ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා මහජන බැංකුව සමග සාකච්ඡා පැවැත් විණ. එහිදී පෙර විගමණික ණය, ස්වයං රැකියා ණය හා නිවාස ණය මුදල් ලබාදීම පිළිබදව මූලික වශයෙන් සාකච්ඡාට ලක්විය.

වතු සේවකයන්ගේ මාස තුනක හිඟ වැටුප් දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් කෝටි 10 ක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා තීරණය කර තිබේ.ෙ

වතු කම්කරුවෙකුගේ මුලික වැටුප වැඩි මුදලකින් වැඩි වු ප්‍රථම අවස්ථාව මෙය බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.

බගවන්තලාව වැවිලි සමාගමට අයත් හැටන් දික්ඔය වනරාජා තේ වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ ගබඩාවක සගවා තිබු නිමි තේ කොළ කිලෝ හාරදහසක් පමණ වතු කම්කරුවන් විසින් අද (04) සොයා ගැනිමත් සමග වතු කම්කරුවන් හා පාලන අධිකාරිය සමග දැඩි නොසන්සුන්කාරි තත්ත්වයත් ඇති විය.

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහයෝගය දක්වා හැටන් නගරයේ සියලුම වෙලදසැල් වසා දමා කළු කොඩි ඔසවා  තිබේ.

Latest News