ලෝක කුසලානය දියාරු කළ නසාවු පිටිය ගලවයි

ජූනි 18, 2024

    ඕස්ට්‍රේලියාවේදී විශාල තැටියක් තුළ සාදන ලද තණතීරු 10ක් ෆ්ලොරිඩා මුහුදු මාර්ගය ඔස්සේ ගෙනැවිත් නිව්යෝක් හි ඉදි කළ නසාව් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

    මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග 8 ක් මෙම ක්‍රීඩා පිටියේ පැවැත් වූ අතර එම සියලු තරග අඩු ලකුණු වාර්තා වූ දියාරු තරග බවට පත් විය.

    ශ්‍රී ලංකාව සහ ද.අප්‍රිකාව, ඉන්දියා පකිස්තාන තරගය ඇතුලු තරග කිහිපයක් ඒ අතර වෙයි. තරග 8 හිදීම ඕවරයක ලකුණු වේගය 5.74ක් වැනි 2020 තරගයක ජිව ගුණයට කිසිසේත්ම නොගැලපෙන අගයක පැවතිනි.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්ද 2020 තරග සඳහා මෙම තණතීරුව නුසුදුසු බව නිවේදනය කිරීමත් සමග දින 106ක් වැනි කාලයකදී ඉදි කළ මෙම ක්‍රීඩා පිටිය සති 06කින් ඉවත් කිරීමට බලධාරීන් මේ දින වල කටයුතු කරමින් සිටී.

    ක්‍රීඩා පිටිය ඉදිකිරීමට පෙර මෙම ස්ථානය අමෙරිකානුවන් අතර අයිසන්හවර් ලෙස ප්‍රකටව තිබූ උද්‍යානයක් විය.

    මෙම පිටියේ 34,000 ක පමණ පිරිසකට තරග නැරඹීමේ පහසුකම් පැවති අතර ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු ක්‍රීඩාංගණයක් ඉදි කරන්නැයි නිව්යෝක් ක්‍රිකට් ලෝලීන් බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

     

    Latest News