මෙවර ලෝක කුසලානය කාටද?

ජූලි 13, 2019

    වසර හතරකට වරක් එක්දින ක්‍රිකට් පිටියේ ශූරයන් තෝරන ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගය හෙට (14) සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතර ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

    දෙපිලම මෙතෙක් ලෝක කුසලානයක් දිනා නොමැති බැවින් හෙට තරගයේ දී ක්‍රිකට් ඉතිහාසයට අලුත් ලෝක ශූරයකු බිහි වනු ඇත. හෙට තරගය රූපවාහිනිය මගින් එංගලන්තය පුරා නොමිලේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

    ඊට පෙර එංගලන්ත ක්‍රීඩාලෝලීන්ට එය නැරැඹීමට සිදුවූයේ මුදල් ගෙවූ රූපවාහිනී නාලිකා මගින් පමණි. අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව ලකුණු 18කින් පරාජය කිරීමට නවසීලන්තය සමත් වූ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 8ක ජයක් ලැබීමට එංගලන්තය සමත් විය.

    Latest News