ක්‍රිකට් ලෝක ශූරතාවලියක අවසන් මහා තරගයේ ලකුණු සමවීම, සුපිරි පන්දු වාරයේ ලකුණු සමවීම සහ ලබාගත් 6 සහ 4 පහර සංඛ්‍යාව අනුව ජයග්‍රාහකයා තීරණය වීම ඇතුළු අතිශය දුලබ අවස්ථා ඇතුලත් වූ තරගයක් ලෙස එය හැඳින්විය හැක.
ඒ අනුව මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සත්කාරක එංගලන්තයට හිමි විය. ඒ අතර මෙවර ලෝක කුසලාන තරගාවලිය විවිධ ආකාරයේ වාර්තා රැසක එකතුවක් ලෙස ද සැලකිය හැකියි. ඊට හේතුව නැවත බිඳ දැමිය හැකි වාර්තා මෙන්ම බිඳ දැමිය නොහැකි වාර්තා රැසක් මෙම තරගාවලියේ දී වාර්තා වීමයි. එමෙන්ම වාර්තා ලෙස නොසැලකූවත් සුවිශේෂි වූ තරග ජයග්‍රහණ රාශියක් ද ඒ අතර දක්නට ලැබීම ද විශේෂත්වයකි.
ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් අකුරු කියවූ එංගලන්තයේ පළමු ලෝක ශූරතාව, සුපිරි පන්දු වාරයකින් ලෝක ශූරතාවලියක ජයග්‍රහණය තීරණය වූ පළමු අවස්ථාව, ලෝක ශූරතාවලියක සුපරි ඕවරය සම වීම හා වැඩිම හයේ හතරේ සංඛ්‍යාවකින් ජයග්‍රහණය තීරණය කළ පළමු අවසන් තරගය ලෙස මෙය වාර්තා පොත් අතර ලියැවෙනු ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ සත්කාරක එංගලන්තයම ශූරතාව තමන් සතු කර ගැනීම ද එංගලන්තයට ඉතා සුවිශේෂී අවස්ථාවකි.
එමෙන්ම මෙවර ක්‍රිකට් ලෝක කුසලානය මෙතෙක් ලෝක ශූරයන් නොවූ රටකට හිමිවීමද සුවිශේෂී සිදුවීමකි. ලෝක ශූරයින් වූ එංගලන්තය 1992 වසරින් පසු ලෝක කුසලාන අවසාන මහා තරගයකට සුදුසුකම් ලද පළමු අවස්ථාව ද මෙයයි.
එංගලන්තය, 1979 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පරාජයවූ අතර 1987 දී ඔස්ට්‍රේලියාවට ද 1992 තරගයේ දී පාකිස්ථානයට ද පරාජය විය.
ලෝක කුසලාන තරගාවලියකදී නායකයකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ මහේල ජයවර්ධනගේ ලකුණු 548 වාර්තාව (2007 තරගාවලියේදී) තමන් සතුකරගැනීමට කේන් විලියම්සන් මෙම තරගාවලියේ දී සමත් වූ අතර එය 578 දක්වා ඉහළ ගියේය.
මෙවැනි වූ සුවිශේෂී තරගයක අවසන් තරගයට ශ්‍රී ලංකාව සහභාගී නොවුනත් එම තරගයේ තරග තීරක, ප්‍රධාන විනිසුරු ශ්‍රී ලාංකිකයන් වීමද ශ්‍රී ලාංකකි අපට සුවිශේෂී වනු ඇත. එවැනි වූ සුවිශේෂී කරුණු නිසා මෙම තරගය මෙන්ම තරගාවලිය ක්‍රීඩා ලෝලීන්ගේ මතකයේ දිගු කලක් රැඳෙනු නොඅනුමානයි.
මෙම සුවිශේෂී තරගය ගැන ක්‍රිකට් ලොව බැබලූ සුපිරි තරු තම ට්විටර් ගිණුම් ඔස්සේ මෙසේ ප්‍රතිචාර දක්වා තිබිණි.