අකිලට තෙවන ටෙස්ට් තරගය අහිමිවේ

නොවැ 20, 2018

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටදඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සිය පන්දු යැවීමේ ඉරියව් පරීක්‍ෂණයට අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යයි. ලබන 23 වැනිදා බ්‍රිස්බෙන් ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදි ඔහු මෙම පරික්ෂණයට සහභාගි වන බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

    අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ සැකය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුයි. ඒ අනුව සති දෙකක් ඇතුළත ඔහුව පරීක්‍ෂණයකට යොමු කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.

    එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට ඔහුට අවස්ථාව උදාවි තිබේ.
    අකිල ධනංජය වෙනුවට නිශාන් පිරිස් ශ්‍රි ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.

    Latest News