රුසියාවට එරෙහිව තරගයෙන් සමෝවා කණ්ඩායමට ජය

සැප් 24, 2019

    ලෝක කුසලාන රග්බි තරගාවලියේ රුසියාවට එරෙහිව අද පැවති තරගයෙන් සමෝවා කණ්ඩායම අද ජය වාර්තා කළේය.

    තරගය පැවැත්වුණේ “ඒ“ කාණ්ඩය යටතේය. තරගයේ පළමු අදියරේ දී ලකුණු 6-5ක් ලෙස රුසියාව පෙරමුණ ගත්තේය. දෙවැනි අදියරේ දී සමෝවා කණ්ඩායම තවත් ලකුණු 29ක් රැස් කළ අතර, රුසියාව ලබාගත්තේ ලකුණු 3ක් පමණි. ඒ අනුව ලකුණු 34-9ක් ලෙස සමෝවා කණ්ඩායම තරගය ජය ගත්තේය. ඔවුන් ලකුණු රැස් කළේ උත්සාහක දිනුම් 4කින් සහ ගෝල දිනුම් දෙකකින්.

    Latest News