ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නව නායකත්වයෙන් පකිස්තානයට

සැප් 24, 2019

    පකිස්තානයට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේය.

    ඒ, කණ්ඩායමේ නිත්‍ය නායකයින් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු නොමැතිවයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත්වල නිරත වූ අතර, දෙරට අතර ක්‍රිකට් තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියට එක්දින තරග තුනක් සහ 20-20 තරග තුනක් ඇතුලත්. එක්දින තරග කරච්චි හිදී පැවැත්වෙන අතර, 20-20 තරග ලාහෝර් හිදී පැවැත්වේ. එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ලහිරු තිරිමාන්න කටයුතු කරන අතර, 20-20 නායකයා දසුන් ශානක.

    Latest News