ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය අද

සැප් 27, 2019

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර, පළමු එක්දින ක්‍රිකට් තරගය අද කරච්චි නුවරදී ශ්‍රී ලංකා වේලාවන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාව හා සමාන දැඩි ආරක්ෂාවක් ලබාදී ඇති බවයි වාර්තා වේ.

    2009 ලාහෝර්හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතික කණ්ඩායමක් පාකිස්තානයේදී දීර්ඝ සංචාරයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙයයි.

    ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිව ඇති අතර, ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන දෙවන අවස්ථාව මෙය වේ.

    තිරිමාන්න යටතේ මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග 3කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් එක් තරගයක් ජයගැනීමට සමත් විය.

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මෙතෙක් එක්දින තරග153ක් පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාව ඉන් තරග 58ක් සහ පාකිස්ථානය තරග 90 ක් ජයගෙන තිබේ.

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට එක්දින තරගාවලියක් පැවැත්වුණේ 2017 වසරේ ඔක්තෝම්බර් මාසයේදී වන අතර ඉන් පාකිස්ථානය ජයගත්තේය.

    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2019 14:14

    Latest News