ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉහළ ආරක්ෂාවක්

සැප් 27, 2019

    වසර 10කට පසුව පාකිස්තානයේ ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පාකිස්තානය ඉහළ ආරක්ෂාවක් ලබා දී තිබේ.

    ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගන්නා බස් රථයට, ක්‍රීඩකයන් නැවතී සිටින හෝටලයට හා ඒ අවට එක්දින තරගාවලිය පැවැත්වෙන කරච්චි හා ලාහෝර් නගර වෙත පාකිස්තානය ඉහළ ආරක්ෂාවක් ලබා දී ඇත.

    දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද පැවැත්වීමට නියමිත අතර එය ජාතික රූපවාහිනියේ චැනල් අයි සේවය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

    Latest News