ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඇෆ්ගනිස්තානයට එරෙහි T20 තරඟාවලියට සහභාගී වීම සඳහා පහත දක්වා ඇති 16 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගන්නා ලදී.
පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
සංචාරක බ.ඉ කොදෙව් හා ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය බ්‍රිස්බෙන් හිදී පසුගියදා නිමා වූයේ වසර 27 කට පසු ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදීම පරාජය කරමින් කොදෙව්වන්ට පෙරලිකාර ජයක් හිමි කර දෙමිනි.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන් වන දිනය අවසන් වන විට ඇෆ්ගනිස්ථානය තම දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.
2024 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ඉන්දියාව, පකිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමත් වුනා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර මංගල ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව හිමිකර ගැනීමට, ඉතාලි ක්‍රීඩක ජැනික් සිනර් සමත් වුණා.
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි, ක්‍රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසනවා.
ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ, කාන්තා කේවල අවසාන මහා තරගයේ ශූරතාව හිමිකර ගැනීමට, බෙලරුසියානු ක්‍රීඩිකා අරීනා සෙබලෙන්කා සමත් වුණා.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා.
ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් තරගාවලියට සහභාගි වන සිම්බාබ්වේ කණ්ඩායම, හෙට දිවයිනට පැමණීමට නියමිතයි.
බංග්ලාදේශය සමග පැවති තුන්වැනි 20/20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 17කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.