ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් අමෙරිකාවෙන්

ජූනි 28, 2020

    ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

    එම සංඛ්‍යාව 43,581ක්. ඒ සමඟ එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව ලක්‍ෂ 25 ඉක්මවා ගියේය. එය ලොව සමස්ත ආසාදිතයන්ගෙන් හතරෙන් එකක්. මරණ සංඛ්‍යාව ද එක් ලක්‍ෂ 28,000කට අධික වූයේ ඉකුත් පැය 24 තුළ වාර්තා වූ නව මරණ 512ත් සමඟයි.

    ශීග්‍රයෙන් ඉහළ යන ආසාදිතයන් හේතුවෙන් අමෙරිකාව සිය රට විවෘත කිරීමේ තීරණය තවදුරටත් අත්හිටුවා තිබේ. මේ අතර අමෙරිකානු සංචාරකයන්ට යුරෝපා සංගමයේ සාමාජික රටවලට ඇතුළුවීම තහනම් කිරීමේ සූදානමක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News