අමෙරිකාවේ ජනාධිපතිවරණ රැලි නිසා කොරෝනා ව්‍යාප්ත වෙයි

නොවැ 15, 2020

    අමෙරිකාවේ ඉකුත් දිනවල පැවති ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක රැලි හේතුවෙන් ඒරට තුළ කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වී තිබේ.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැලිවලට ඒක්වූ බුද්ධි නිලධාරින් 130 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු විය.

    ට්‍රම්ප්ගේ දියණිය වන ඉවංකා ට්‍රම්ප් සිය දරුවන් තිදෙනා ඊයේ පාසලෙන් ඉවත් කරගෙන තිබේ. ඒ්, ඉවංකා ට්‍රම්ප් සහ ඇයගේ සැමියා වන ජෙයර්ඩ් කුෂ්න විසින් කොරෝනා මර්දනයට පාසලෙන් පනවා ඇති මාර්ගෝපදේශ දැඩි ලෙස උපවාහසට ලක්කර විවේචනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. පාසලේ අනෙක් සිසුන් සහ දෙමාපියන් ඔවුන්ට ඒරෙහිව දැඩි අප්‍රසාදය පළ කිරිමට මීට හේතුවයි.

    Latest News