රයන් බේරා ගැනීම අවසන් අදියරේ....

පෙබ 05, 2022

    උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝවේ කඳුකර ප්‍රදේශයක පිහිටි පටු ළිඳක සිරවූ දරුවා බේරා ගැනීමේ මෙහෙයුම අවසන් අදියරට එළඹ තිබෙනවා.

    ඔහු වෙත ළඟාවීම සඳහා තවත් අඩි දහයකට ආසන්න දුරක් කැනීම කළ යුතු බවයි, සහන සේවකයින් ප්‍රකාශ කරන්නේ. දින 04ක් පුරා සිදුවන ජිවිතාරක්‍ෂක‍ මෙහෙයුම කෙරෙහි පුළුල් අන්තර් ජාතික අවධානයක් යොමු වී තිබෙනවා.
    මීට දින 04කට පෙර රයන් නමැති පස් හැවිරිදි දරුවා උතුරු මොරොක්කෝවේ පිහිටි තම ගම්මානයේ දී පටු ළිඳකට ඇද වැටුනා, ඔහු මේ වනවිට අඩි 104ක් ගැඹුරින් පිහිටි පටු දෝනාවේ සිරවී සිටිනවා. දරුවාට අවශ්‍ය ඔක්සිජන්, ජලය හා ආහාර නිරතුරුව සම්පාදනය කරනු ලැබූ බවයි, සෞඛ්‍ය සේවකයන් ප්‍රකාශ කරන්නේ. පහතට හෙළනු ලැබූ කැමරා මගින් දැක ගන්නට ලැබුණේ දරුවා තවදුරටත් ජීවත්ව සිටින ආකාරයයි.

    සෞඛ්‍ය තත්වය අයහපත් අතට හැරීමට පෙර අද දිනයේ දරුවා බේරා ගැනීමට හැකිවනු ඇතැයි, ජිවිතාරක්‍ෂක කණ්ඩායම් ප්‍රකාශ කරනවා. ළිඳට සමාන්තරව විශාල වලක් කපා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් පස් ඉවත් කොට දරුවා සිටින ස්ථානයට ළඟාවීමයි ජිවිතාරක්‍ෂකයන්ගේ සැලැස්ම. ඉතිරිව තිබෙන බිමිකඩ බෙහෙවින් කඩා හැලෙන සුළු බැවින් නායයාමකින් දරුවාට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා ජිවිතාරක්‍ෂකයන් දැඩි උත්සාහයක යෙදෙනවා.

    Latest News