‍අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් දකුණු කොරියාවට පැමිණ සිටිනවා.

බ්‍රසීලයේ මහ මැතිවරණය ලබන මස දෙවැනි දින පැවැත්වීමට නියමිතයි.

"ඊයෑන්" සුළි කුණාටුවෙන් ‍එක්සත් ජනපදයේ නිරිතදිග ‍‍‍ෆ්ලොරිඩාවට ද, බලපෑම් එල්ල වී තිබෙනවා.

‍බ්‍රිසීලයේ මහ මැතිවරණය එළඹෙන ඔක්තෝබර් මස දෙවැනිදා  පැවැත් වීමට නියමිතයි. එම මැතිවරණයෙන් එරට ජනාධිපති, උප සභාපති සහ ජාතික කොංග්‍රසය තෝරා පත් කර ගැනීමට නියමිතයි.

"ඊයෑන්" සුළි  කුණාටුවෙන් ‍එක්සත් ජනපදයේ නිරිතදිග ‍‍‍ෆ්ලොරිඩාවට ද, බලපෑම් එල්ල වී තිබෙනවා. ‍

ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන ෂකීරාට විරුද්ධව බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙයි. 

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු එරට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා.

ඉරානයේ ජනතා උද්ඝෝෂණ තවදුරටත් උග්‍ර වී තිබෙනවා. එරට ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුම්වලින් විරෝධතාකරුවන් 76 දෙනෙකු මියගොස් ඇති බවයි, වාර්තා වන්‍නේ.

රුසියානු හමුදාව අත්පත් කර ගෙන සිටින යුක්‍රේනයේ ප්‍රදේශ 4 ක පැවති ජනමත විචාරණය අවසන් වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ජනමත විචාරණයෙන් රුසියාව ජය ලබා ඇති බවයි.

ශින්ජ්‍යං, හොංකොං සහ ටිබෙට් පිළිබඳ කටයුතු චීනයේ අභ්‍යන්තර කරුණු වන බවත්, මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණයට සහ දෙබිඩි පිළිවෙතට විරුද්ධ වන බවත් පාකිස්තානය කියාසිටී.

ජාපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ අවසන් කටයුතු අද රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා  විදේශ රාජ්‍ය නායකයින් රැසක් ජපානයට පැමිණ සිටිනවා.

අනාගතයේ දිනෙක පෘථිවියේ හැපීමට පැමිණෙන ග්‍රහකයක ගමන් මඟ වෙනස් කර, පථයෙන් ඉවත් කිරීම සඳහා අමෙරිකාවේ නාසා ආයතනය පුහුණු මෙහෙයුමක් අත්හදා බැලූ අතර එම මෙහෙයුම සාර්ථක විය.

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත හෙළි කළ එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය ලබාදී තිබේ.

උතුරු කොරියාව සහ චීනය අතර භාණ්ඩ දුම්රිය ගමන් යළි ආරම්භ කර තිබෙනවා. දෙරට අතර, දුම්රිය ගමන් මාස 5 ක් පුරා නවතා දමා තිබුණේ, කොවිඩ් වසංගතය හේතුවෙන්.

ඉතාලි මහ මැතිවරණයෙන් අන්තදක්‍ෂිණාංශික අපේක්ෂිකා ජෝජියා මෙලනි ජයග්‍රහණය කර තිබෙනවා. මේ අනුව එරට ප්‍රථම අගමැතිනිය වශයෙන් ඇය  දිවුරුම් දෙනු ඇති.

නෝරු සුළි කුණාටුව පිලිපීනයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටිනවා. මේ වන විට පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ හරහා පැයට කිලෝමීටර 240ක පමණ වේගයෙන් එය හමා යන බවයි, වාර්තා වන්නේ.

පිලිපීනයේ ප්‍රදේශ රැසකට ඊයේ පස්වරුවේ සුලි කුණාටු තත්ත්වයක් හටගෙන තිබෙනවා.  මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන බවයි, එරට කාලගුණ අංශ පවසන්නේ. 

වසර 38 කට පසු එක්සත් රාජධානීයේ මුදල් ඒකකය වන ස්ටලිං පවුම ඩොලරයට සාපේක්ෂව අඩු අගයක් ගෙන තිබෙනවා.

සිරියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේදී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ‍ගිලි යාමෙන්, 77 දෙනෙකු මිය ගොස් ඇතැයි, එරට බලධාරින් පවසනවා. 

මධ්‍යම මෙක්සිකොවේ කර්මාන්ත කලාපයක සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

Latest News