නයිජීරියාවේ පසුගියදා හටගත් ගංවතුර හේතුවෙන් 600 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වනවා. ලක්ෂ 13ක් පමණ පිරිසක් අවතැන්ව සිටිනවා.

දකුණු කොරියාව, යුද අභ්‍යාස මාලාවක් ආරම්භ කර තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින්පිංට තෙවන වරටත් කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය හිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරනවා. 

චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය  අද (16) පෙරවරු 10ට බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේ දී ආරම්භ විය.

ඉරානයේ "එවින්" බන්ධනාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.  ඊයේ රාත්‍රී ගින්න හටගත් බවයි,  එරට මාධ්‍ය වාර්තා කළේ.

උතුරු තුර් කියේ ගල් අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට පූර් වගාමීව විධායක මණ්ඩල රැස්වීම පැවැත්වේ.

හයිටි රජය මානව ඛේදවාචකයක් අභියස සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

හැරී පොටර් චිත්‍රපටවල හැග්රිඩ් (Hagrid) චරිතයට පණ පෙවූ  රොබී කෝල්ට්‍රේන්(Robbie Coltrane) අභාවප්‍රාප්තව තිබේ.  මිය යන විට ඔහු 72 වැනි වියෙහි පසුවිය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 03කට ජල ගැලීම් වලින් බලපෑම් එල්ල වී තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය එළඹෙන 16 වැනිදා බෙයිජිං අගනුවර දී පැවැත්වේ.  

වසර 1600 කට වඩා පැරණි ‍රෝම යුගයේ චිත්‍රයක්, සිරියාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි "හෝම්ස්" නගරයෙන් හමු වී තිබෙනවා.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එරට අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබෙනවා.

පකිස්තානයේ බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 17 ‍දෙනෙකු මිය ගොස් තිබෙනවා.

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඒවා දිගුදුර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇති "කෲස්" මිසයිල බවයි.

යුක්‍රේනයේ මිසයිල ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමට නේටෝ රටවල් සූදානම් වනවා.

ලෙබනනයෙන් වසර ගණනාවකට පසු ඊයේ නැවතත් කොළරා මරණයක් වාර්තා වී තිබෙනවා.

යුක්‍රේනයේ මිසයිල ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමට නේටෝ රටවල් සූදානම් වෙයි. එම තීරණයට එළඹ ඇත්‍තේ යුක්‍රේනයට, රුසියාවෙන් මිසයිල ප්‍රහාර එල්ල වීමෙන්  පසුවයි.

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මෙවර මහ මැතිවරණයට තරග කරන බව,  ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

‍කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක රොබෝ තරුණියක, බ්‍රිතාන්‍ය පාර්ලාමේන්තුවේ ඉහළ මන්ත්‍රි මණ්ඩලය හෙවත් සාමි මන්ත්‍රි මණ්ඩලය අමතනු ලැබුවා.

Latest News