වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරුලිපි රචක, සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉස්තාන්බුල්හි සෞදි කන්සියුලේට් කාර්යාලය තුළ ඇතිවූ ගැටුමකින් මිය ගිය බව සෞදි රජය පිළිගනී.

ඉන්දියාවේ උතුරුදිග පංජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් ප්‍රදශෙයේ සිදුවූ දුම්රිය අනතුරකින් 50 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ..

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය රුපියල් 100 දක්වා ඉහළ යා හැකි බව ආර්තික විශේෂඥයෝ අනතුරු අඟවති.

ඝාතනය කර ඇති බවට සැක කෙරෙන මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ සිරුර සොයා තුර්කි බලධාරීන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 144ක් පැරණි එක්සත් ජාතීන්ගේ තැපැල් ගිවිසුමෙන් ඉවත් වන බව අමෙරිකාව නිවේදනය කරයි.

වසන්ත ඍතුවට ජපානයේ පිපෙන සකුරා මල් මෙවර ගිම්හාන කාලයේ දක්නට ලැබීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සමුළුවට සහභාගී නොවීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක‍්‍රිස්ටීන් ලගාඩේ මහත්මිය තීරණය කර ඇත.

සෝමාලියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් අල් ශබාබ් ත්‍රස්තවාදී සාමාජිකයින් 60ක් පමණ ඝාතනය කළ බව ඇමරිකානු හමුදාව පවසයි.

මේ දිනවල ඇෆ්ගනිස්ථානයට බලපා ඇති දරුණු නියඟය හේතුවෙන් එරට වැසියන් හට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

සෞදි මාධ්‍යවේදී ජමල් කෂෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් පවසයි.

අද දිනයේදී ලොව පුරා බිඳවැටීමට ලක් වූ “යූ ටියුබ්” සමාජ ජාල වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කර තිබේ.

ඇමෙරිකානු හමුදාව භාවිත කරන F-35 වර්ගයේ සියලු ගුවන් යානා තාවකාලිකව පියාසර කිරීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest News