අමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

ටොන් 50කට ආසන්න සංචිතයකින් යුත් දැවැන්ත රන් නිධියක් චීනය විසින් මෑතක දී සොයා ගෙන තිබේ.

ටියුනිසීයානු මුහුදු තීරයේ සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා ‍2 ක් ගිලී යාමෙන් පුද්ගලයින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඊශ්‍රායලයේ දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.

‍අමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්ත හරහා හමා ගිය ටොනේඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ජර්මනියේ ඩොයිෂ් බැංකුවේ කොටස් මිල ශීඝ්‍ර ‍ ලෙස පහත වැටී තිබෙනවා.

ස්පාඤ්ඤයේ, නැගෙනහිර ප්‍රදේශයේ ලැව් ගිනි බලපා ඇති ස්ථාන ආශ්‍රි ජනතාව කඩිනමින් ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

ෆේස්බුක් සම නිර්මාතෘ මෙන්ම, 'මෙටා' ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග් අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප, ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ලොවට ප්‍රසිද්ධ කර තිබෙනවා.  

උතුරු කොරියාව දිය යට ක්‍රියාත්මක කළ හැකි නවතම න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බැලූ බව, එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු මහ බැංකුව, පොලී අනුපාත යළි ඉහළ නංවා තිබෙනවා.

සතියේ මුල් දින කිහිපයේ පහත වැටුණු ලෝක තෙල් මිල අද සුළු වැඩි වීමක් පෙන්නුම් කළා. ඒ, අමෙරිකානු මහා භාණ්ඩාගාරය පොලී අනුපාත ඉහළ නැංවීමත් සමගයි.

Marburg වෛරසය හේතුවෙන් පළමු වරට පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව ටැන්සානියානු සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

චීනයේ සාම සැලැස්ම රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට පදනමක් ලෙස භාවිත කළ හැකි බව, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසනවා.

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි දරුණු සටන් ඇවිළෙන Bakhmut අසල පෙරමුණට ගොස් තිබේ.

ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක 6.5 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

‍නියං සහිත කාලගුණය නිසා පසුගිය වසර තුළ සෝමාලියාවේ 43,000 ක් පමණ  මිය ගොස් ඇතැයි,  සෝමාලියානු රජය සහ එක්සත් ජාතීන්ගේ නවතම වාර්තා පෙන්වා දෙනවා. මිය ගිය අයගෙන් අඩක් ළමුන් බවයි, වාර්තා වන්නේ.

අනාගත අභ්‍යාවකාශ පරීක්‍ෂණ සඳහා යූරෝ බිලියන 18.5 ක අරමුදලක් රැස් කිරීමට සැලසුම් කොට තිබෙනවා.

දකුණු සුඩානය ද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීට සූදානම් වනවා.

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවක් හටගෙන තිබෙනවා. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.0 ක් ලෙසය.

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ඇති වූ භූමි කම්පාවෙන් මේ වන විට 162 දෙදෙනෙකු මියගොස්, 300 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව, එහි ආණ්ඩුකාර රිද්වාන් කමිල් පවසනවා.

Latest News