බ්‍රසීල පොලිසිය ප්‍රාන්ත 3 ක ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම්වලදී එම ජාවාරම්වලට සම්බන්ධ 45 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.
ඛානුන් සුළි කුණාටුවේ බලපෑමෙන් ආරක්ෂාවීමට නැගෙනහිර චීනයේ ක්ෂිජියෑං පළාත කඩිනමින් සූදානම් කෙරෙන බව, බලධාරීන් පවසනවා.
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය අධි චෝදනා ගොනු කර තිබෙනවා.
ටෝකෝ නම් ජපන් ජාතිකයකු බල්ලකු බවට පත් වීම සඳහා ජපන් යෙන් මිලියන 2 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 46 ක් ) වියදම් කර තිබෙනවා.
දුම්වැටි නිවාරණය සහ යෞවනයන් දුම්පානයට පෙළඹීම වැළැක්වීමේ අරමුණින් කැනඩා රජය නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
අයි එස් සංවිධානය, පකිස්තානයේ වයඹදිග බාජෝර් දිස්ත්‍රික්කයේ දේශපාලන රැලියකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම, බාර ගෙන තිබෙනවා.
පකිස්තානයේ වයඹදිග බාජෝර් දිස්ත්‍රික්කයේ දේශපාලන රැලියක් අතරතුර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රුසියාවේ මධ්‍ය ප්‍රදේශයට ඊයේ බලපෑ දරුණු සුළි කුණාටුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියානු හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
අධික තාප තරංග හේතුවෙන් සිරියාවේ බොහෝ පිරිසක් ජීවිත අවදානමකට ලක්ව සිටින බව, එරට මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය අනතුරු අගවනවා.
බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයකට පැමිණි තල්මසුන් රංචුවකින් 50 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.
රුසියාවේ යුද අවි නිෂ්පාදනය ඉහළ නංවා ඇති බව වාර්තා වනවා.
ඇල්ජීරියාව පුරා පැතිර යන ලැව්ගිනිවලින්, 34 දෙනෙකු මියගොස් තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, දහස් ගණනක පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
ඊශ්‍රායල අධිකරණයේ බලය සීමා කරමින් සිදු කෙරෙන සංශෝධනවලට එරට බලවත් විරෝධතා මතු වි තිබෙනවා.
ඊසානදිග චීනයේ අධික වර්ෂාව හේතුවෙන් පාසල් ව්‍යායාම ශාලාවක වහලයක් කඩා වැටීමෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අධික ගංවතුරින් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් බොහෝ පිරිසක් අතුරුදන් බවයි වාර්තා වන්නේ.
අමෙරිකාව යුක්රේනයට ලබා දෙන නව යුද ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව, වාර්තා වනවා.
ගෝලීය උෂ්ණත්වය, සාගර තාපය සහ ඇන්ටාක්ටික් ග්ලැසියර පිළිබඳව නිකුත් වී ඇති නවතම වාර්තා මගින් පෙර නොවූ විරු ගෝලීය අවදානමක් පෙන්නුම් කරන බව, විද්‍යාඥයින් පවසනවා.