සියරාලියෝන්හි ෆ්‍රීටවුන් අගනුවර පිහිටි වසර 400 ට වඩා පැරණි යැයි විශ්වාස කෙරෙන, දැවැන්ත කපු පුළුන් වෘක්ෂයක් කුණාටුවකට හසු වීමෙන්, විනාශයට පත්ව තිබෙනවා.

මධ්‍යම ගයානාවේ පාසල් නේවාසිකාගාරයක පසුගියදා ඇති වු ගින්නට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

‍ජපානයේ "නගානෝ" ප්‍රාන්තයේ පුද්ගලයෙකු සිදු කළ පිහි ඇනුමකින් සහ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පැනමාවේ, ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

ලොව ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වන ටීනා ටර්නර් මියගොස් තිබෙනවා.

මෙක්සිකෝවේ පොපෝ කැටේපෙටල් ගිනිකන්ද සක්‍රීය වෙමින් පවතිනවා.

ගයානාවේ පාසලක ඇතිවූ ගින්නකින් ළමුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ස්පේස් එක්ස් සමාගම, සිය නවතම රො‍කට්ටුව අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

අමෙරිකාවේ නිෂ්පාදිත එෆ්-16 ඇතුළු, අති නවීන ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේයට ලබාදෙන බව, අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා.

කැනඩාවේ “ඇල්බර්ටා” පළාතේ හටගෙන ඇති ලැව් ගිනි ව්‍යාප්තියේ අඩුවක් නැතැයි, එරට බලධාරීන් පවසනවා.

ලොව ඉහළම ආර්ථිකයන්ට හිමිකම් කියන බලවත් රටවල් 7 න් සැදුම්ලත් " G7" සමුළුව අද ජපානයේ - හිරෝෂිමා නගරයේ දී ආරම්භ වුණා.

‍‍‍ඉතාලියේ ‍ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර තත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

‍හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය මෙන්ම ඇයගේ මව, පැපරාසීන් කණ්ඩායමකගේ ලුහුබැදීමකට මුහුණ පා ඇති බව, වාර්තා වනවා.

කළු මුහුදු හරහා ධාන්‍ය ප්‍රවාහනයට යුක්‍රේනයට අවසර ලබා දෙමින් ඇති කරගත් ගිවිසුම තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට තුර්කිය තීරණය කර තිබෙනවා.

මලාවි රාජ්‍යයේ ෂයර් ගංඟාවේ සිදුවූ බෝට්ටු අනතුරකින් අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් තවත් 23 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර, විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

‍‍නවසීලන්තයේ නේවාසිකාගාරයක ඊයේ මධ්‍යම රාත්‍රි ඇති වූ ගින්නකින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තායිලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතිනවා.

තුර්කි ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජනාධිපති රෙසප් තායිප් එර්ඩෝගන් පෙරමුණේ පසු වනවා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර ඊයේ (13) වතිකානුවේ දී විනාඩි 40 ක පමණ පෞද්ගලික සංකච්ඡාවක් පවත්වා තිබෙනවා.

Latest News