කැරට් 22 රන් පවුමක මිල රුපියල් 88 000 ක් ලෙස සටහන් විය. ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1800 ඉක්මවායාම හේතුවෙන් මෙලෙස දේශීය වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම සිදුවී ඇත.
රත්‍රං සඳහා මෙවන් වාර්තාගත මිලක් සටහන් වූයේ 2011 වසරෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. ඉකුත් මාස 14 තුල ලෝක වෙළඳපොළේ රත්‍රං මිල 40% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.
කොරෝනා ව්‍යාප්තියෙන් ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල වන පසුබිමකදී ආයෝජකයින් රත්‍රං මිලදී ගැනීමට යොමුවීම වී ඇත. මේ හේතුව රන් මිල ඉහළ යාමට හේතුවී ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.