ගෝලීය භාණ්ඩ වෙළඳාම සියයට 9.2 කින් අඩුවේ

ඔක් 07, 2020

    මෙම වසරේ ගෝලීය භාණ්ඩ වෙළඳාම 9.2%කින් අඩු වනු ඇති බව ලෝක වෙළඳ සංවිධානය ඇස්තමෙන්තු කරයි.

    ලෝක වෙළඳ සංවිධානය ඊයේ(06) ‘ගෝලීය වෙළඳ දත්ත හා ඉදිරි දැක්ම’ පිළිබඳ යාවත්කාලීන වාර්තාවක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

    ඉකුත් ජුනි හා ජූලි මාස තුළ ‍ගෝලීය වශයෙන් නව කොරොනා වසංගත පාලන ක්‍රියා මාර්ග ලිහිල් කෙරුණු අතර, ආර්ථික ක්‍රියාකාරකම් වේගවත්ව ප්‍රකෘතිමත් කරනු ලැබිණ.

    මේ වනවිට, ගෝලීය වෙළඳ ක්‍රියාකාරීත්වය අපේක්ෂිත මට්ටමට වඩා මනා ලෙස සිදුවී ඇත.

    එහෙත්, මෙම වසරේ භාණ්ඩ වෙළඳ ප්‍රමාණය 9.2%කින් අඩු වනු ඇති බව ලෝක වෙළඳ සංවිධානය පළ කළ එම වාර්තාවේ දැක්වෙයි.

     

    Latest News