කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට අළුත් වෙළදපොළක්

දෙසැ 01, 2020

    තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් කුඩා පරිමාණ නිෂ්පාදකයින් හට ඔවුන් නිපදවන විවිධ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ වැඩසටහනක් හදුන්වා දී තිබේ.

    එහි පළවෙනි අදියර යටතේ රෙදිපිළි, අත්කම් භාණ්ඩ, බෑග්, පාවහන් සහ විසිතුරු නිර්මාණ ආදී විවිධ නිෂ්පාදනයන් කරන ව්‍යවසායකයින් සදහා එම නිෂ්පාදන අලෙවි කිරීමට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත දැවැන්ත ව්‍යාපාර ජාලයක් වන CIB ආයතනය වෙත හදුන්වාදීමේ වැඩසටහනක් 2020.11.30 දින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    මේ සදහා ව්‍යවසායකයින් 60 දෙනෙක් පමණ සම්බන්ධ විය.

    එහිදී කුඩා පරිමාණ ව්‍යසායකයින්ගේ නිෂ්පාදන CIB ව්‍යාපාර ජාලයේ සභාපතිතුමා ඇතුළු නිළධාරීන්ගේ පරික්ෂාවට ලක් විය.

    මෙම අවස්ථාවට CIB ව්‍යාපාර ජාලයේ සභාපති දේශමාන්‍ය දේශකීර්ති කේ.ආර්.ජී.විජයසුන්දර, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න යන මහත්වරු ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

    Latest News