මැකාවි හිදී පවත්වන ලද සම්මාන ප්‍රදානෝත්සවයකදි මේ වෙනුවෙන් Ministry of Crab” අපනශාලාවට සම්මානයක් හිමි වී ඇත.
Ministry of Crab යනු ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට ජනප්‍රිය සූපවේදියෙකු වන දර්ශන් මුනිදාස හා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ හවුල්කාරීත්වයෙන් 2013 වසරේ දී ඇරඹි ව්‍යාපාරයකි. කොළඹ කොටුවේ පිහිටි වසර 400 ක් පමණ පැරණි ඕලන්ද රෝහලේ එය ආරම්භ කර තිබේ.