NLB ලොතරැයියක කොමිස් මුදල ඉහළට

ජූනි 25, 2019

    ජාතික ලොතරැයි මණ්ඩලය ටිකට්පතක් සඳහා පිරිනමන කොමිස් මුදල ශත 25කින් වැඩි කර තිබේ.

    එය ජුලි 01 සිට ක්‍රියාත්මක වන බව, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ෂර්මිලා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. ලොතරැයි අලෙවි නියෝජිතවරුන් ටිකට්පතක් අලෙවි කිරිම සඳහා වූ කොමිස් මුදල ශත 50කින් වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබිණ. එම ඉල්ලීම් සලකා බලමින් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව එය ශත 25කින් වැඩි කිරිමට හැකිවූ බව සභාපතිනිය අවධාරණය කළාය. ලොතරැයි පතක් අලෙවි කිරිමට ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් 3.50ක කොමිස් මුදලක් පිරිනමන අතර, එය ලබන මස 01 වැනිදා සිට රුපියල් 3.75ක් වේ.

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 20:29

    Latest News